Mobile. ඔන්න මම අද කියල දෙන්නේ
කොහොමද Android තියන phone එකකට සිංහල දාගන්නේ කියලයි. මුලිම්ම කියන්න ඕනි මේක කරන්න ඔයාගේ Phone එක Root කරලා තියෙන්න ඕනි. Root කරන විදිය මේකේ මම කියන්නේ නෑ. මොකද ඒක phone එකෙන් phone එකට වෙනස්. ඒ නිසා පොඩ්ඩක් Google
එකේ search කරලා බලන්න.
ඉස්සෙල්ලා බලන්න ඔයාගේ phone එක root කරලා super user install කරලද තියෙන්නේ කියල. Super user නැත්නම් මෙතැනින් ගන්න. දැන්
ඔයාගේ phone එකට Root Explorer කියන file
manager එක install කර ගන්න. තියන අය ඕනි නෑ, අනික් අය පහලින් download කර ගන්න(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
දැන් මෙන්න මේ DroidSansFallback.ttf කියන font එක download කරගන්න. දැන් එක phone එකේ කොහෙට හරි copy කරලා වැඩේට බහින්න මාත් එක්ක.
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
Root Explorer එක open කරලා ඔයා font එක paste කරගත්ත තැනට යන්න. දැන් ඒක copy
කරන්න. දැන් පස්සට browse කරලා System
කියන folder එකට යන්න. එක තියෙන්නේ මුලම phone memory එකේ. නැතුව Chip
එකේ එහෙම නෙවේ. දැන් system කියන එක ඇතුලේ තියන font කියන folder එක open කරන්න.
ඔයාගේ phone එකේ කොහොමත් ඒ නමින් font එකක් තියනවා ඒ නිසා replace කරන්න අහයි. එතකොට කරන්න. දැන් වැඩේ ඉවරයි. එත් තවත් හොඳට අපි පොඩි වැඩක් කරමු. මේක ගොඩක් දෙනා කරන්නේ නෑ. ඔයා paste කරගත්ත font එක තද කරගෙන ඉදලා permission යන්න. දැන් එකේ permission මේ විදියට හදන්න.
දැන් ok කරලා phone එක off කරලා ආයේ on කරන්න. දැන් සිංහල තියන මොකකට හරි ගිහින් බලන්න