හැබැයි මේකෙන් ලංකාව ඇතුලත නොමිලේ මැසේජ් කරන්න පුලුවන් ඩයලොග් පෝන් වලටයි මොබිටෙල් පෝන් වලටයි විතරයි.පිටරට ඒවාට ඇති තරම් යවන්ඩ පුළුවන්. මේකෙ අපිට උපරිම මැසේජ් යවන්න පුලුවන් ප්‍රමානය තීරනය වෙන්නෙ පොයින්ට් වලින් දවසකට අපිට 50ක් ලැබෙනවා. මැසේජ් එකේ ප්‍රමනෙ අනුව තමයි ඒකට යන පොයින්ට් ගාන තීරනය වෙන්නේ. වැඩි විස්තර කතකරන්න කලින් මේකරන්නෙ කොහොමද කියල බලමුකෝ.
1. මුලින්ම පහල link එකට යන්න
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
2. දැන් ඔයාලගේ Gmail address එකයි Password එකයි ගහල Gmail එකට Log වෙන්න.
3. දැන් එහි settings click කරන්න.
4. දැන් එහි ඇති Labs කියන Tab එක click කරන්න.
5. දැන් එහි පහල ඇති SMS (text messaging) in Chat සේවාව Enabled කරන්න.
6. දැන් Save Changes click කරන්න.
7. දැන් පහත රුපයේ ආකාරයට "Search Chat or SMS" යන තැන ඔයාට sms ගහන්න ඕනේ කෙනාගේ Number එක type කරලා Send SMS කියන එක click කරන්න.
8. දැන් එන window එකේ Contact name කියන Textbox එකේ අර කලින් ගහපු Number එක අයිති කෙනාගේ නම ගහල save click කරන්න.
9. දැන් normal Chat window එකක් එයි. එකේ ඕනේ sms එක type කරලා enter ඔබන්න, දැන් මැසේජ් එක ගිහිල්ල තියෙයි.
10. මුලින්ම ඔයාලගේම Phone එකට sms එකක් යවල බලන්නකෝ එහෙනං.
මේ ගැන අදහස් එහෙම තියනවා නං චොම්මෙන්ට් කරන්න අමතක කරන්න එපා හරිද.